දරුවන් සමබන්ධව සිදුවන අපරාධ සහ සිදුවීම් පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමේ දී වගකීමෙන් කටයුතු කළ යුතු බවත් එවන් සිදුවීම් කිසි විටෙකත් දේශපාලන අවස්ථාවන් කර නොගත යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
මැයි 09වැනි දා පාර්ලිමේන්තුව අමතමින් කොටහේන ප්‍රදේශයේ පාසල් දැරියක් සියදිවි නසා ගැනීමේ සිදුවීම හා සම්බන්ධව අග්‍රාමාත්‍යවරිය විසින් මෙම අදහස් ප්‍රකාශ කළාය.
දරුවකු සිය දිවි නසා ගැනීමට අදහස් කිරීම සමාජයක් ලෙස අප සියල්ලන් ම අසමත් වූ අවස්ථාවක් බවත් මෙවැනි සිදුවීම් කිසිසේත්ම නැවත් සිදු නොවිය යුතු බවත් මේ මොහොතේ කොටහේන දැරිය සමබන්ධ සිදුවීමට අදාළ සියලු පාර්ශ්වයන් මූලික කරගනිමින් විමර්ශන කටයුතු සිදු කෙරෙන බවත් අග්‍රාමාත්‍යවරිය විසින් මෙහිදී අවධාරණය කළාය.
එමෙන්ම දරුවන් සමබන්ධව වන සිදුවීම් හා අපරාධ පිළිබඳව කඩිනම් පියවර ගැනීමේ යාන්ත්‍රණයක් කන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය , අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා හා ළමා ආරක්ෂණ අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව ඉතා ඉක්මනින් නිර්මාණය කිරීම පිළිබඳව තමන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල් රාජ් මහත්මිය සමඟ සාකච්ඡා කළ බව ද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
මේ පිළිබඳව දරුවාගේ දෙමව්පියන් වෙත සියලු දෙනා කනගාටුව ප්‍රකාශ කරන බවත් රජයක් ලෙස මෙවැනි සිද්ධීන් වළක්වන්න පුළුල් මැදිහත්වීමක් ලබා දෙන බවත් එවැනි දරුවන්ට පූර්ණ ආරක්ෂාව ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.