2028 වන විට නැවත රට ණය ගෙවිය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය ආර්ථික වර්ධන වේගය රට අත්පත් කරගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
පක්ෂ භේදයකින් තොරව ඒ සඳහා විදෙස් ආයෝජන විදේශ ප්‍රේෂණ ගෙන ඒමෙන් සියලු දෙනා රටට සහයෝගය ලබා දිය යුතු බව ඔහු අවධාරණය කරයි.
එසේ නොවුණහොත් නැවත 2028 රට බංකොලොත්බව ප්‍රකාශ කිරීමට සිදුවනු ඇති බවත් කවුරු පාලනය කළ ද රට එම තත්ත්වයට වැටීමට ඉඩ නොදිය යුතු බවත් සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.
YouTube නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් සමගි ජන බලවේග විදෙස්ගත ප්‍රජාව වෙත පණිවිඩයක් ලබා දෙමින් විපක්ෂ නායකවරයා මේ බව කීය.