දේශබන්දු ගැන තොරතුරු දන්නවා නම් කියන්න… ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලයි…!

March 12, 2025 at 10:33 am | by emanisa.lk

රටේ පුරවැසියන් ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ තොරතුරු ඇත්නම් ඉදිරිපත් කිරීම සිය වගකීමක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඉෂාරා සෙව්වන්දි පිළිබඳ තොරතුරක් ලබා දෙන අයකුට රු. ලක්ෂ 12ක ත්‍යාගයක් ලබා දුන්න ද මෙතෙක් දේශබන්දු වෙනුවෙන් ලංසුවක් තබා නොමැති බව ද ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

පොලිසිය ලැබී ඇති තොරතුරු අනුව විමර්ශන සිදුකරන බවත් කුමන වෙලාවක හෝ දේශබන්දු අත්අඩංගුවට පත්වනු ඇති බවත් නලින්ද ජයතිස්ස අවධාරණය කරයි.

ඊයේ (11) කැබිනට් තොරතුරු දැනුම් දීමේ මාධ්‍ය හමුවට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *