NGO උත්සාහය අපතේ යයි..! ඊළඟ පොලිස්පති දේශබන්දු..!

March 3, 2023 at 12:37 pm | by emanisa.lk

ලංකාවේ ඊළඟ පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇතැයි වාර්තා වෙයි. වර්තමාන පොලිස්පති සී.වී. වික්‍රමරත්න විශ්‍රාම යාමත් සමග ලංකාවේ 36 වන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු පත්වනු ඇත.

දේශබන්දු තෙන්නකෝන්ගේ ආගමනය වැළැක්වීමට සිවිල් සංවිධාන, මානව හිමිකම් සංවිධාන, ඇතැම් ආගමික කණ්ඩායම් සහ ජනමාධ්‍යවේදීන් දැඩි උත්සාහයක නිරත වුව ද එය ව්‍යවර්ථ වී තිබේ. කෙසේ වුව ද ව්‍යාපාරික ප්‍රජාව මෙන් ම වෘත්තීකයන් ද රට අරාජික කරන කැරලිවලට ඉඩ නොදිය යුතුය යන මතයට පැමිණීම දේශබන්දුගේ වාසියට හේතු වී ඇත.

පසුගියදා මෙරට සංචාරය කළ ඇමෙරිකානු සහ ඉන්දීය නියෝජිත පිරිස ද මෙරට පොලිස් සහ ආරක්ෂක අංශවල දුර්වලතා ගණනාවක් පෙන්වා දී ඇති අතර මෙරට ආරක්ෂාව සම්බන්ධයෙන් වගවිය හැකි පොලිස්පතිවරයෙකු බොහෝ පාර්ශ්වවල අපේක්ෂාව වී ඇති අතර දේශබන්දු තෙන්නකෝන් එහි දී ඉහළින් ම සිටින නිලධාරියාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *