රනිල් සරණ ගිය උපුල් යළි පොහොට්ටුවට…!

February 16, 2025 at 9:39 am | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහට සහාය පලකළ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්වී ඇති බව වාර්තා වේ.

ඊයේ (15) ගම්පහ අත්තනගල්ලේ පොදුජන පෙරමුණ සංවිධානය කළ ජනහමුවකට ඔහු එකතු විය.

මෙම හමුවට ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඉන්දික අනුරුද්ධ සහ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයින් පිරිසක් ද සහභාගී වූ බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *