එක් චීනයක් ප්‍රතිපත්තිය වෙනුවෙන් ලංකා රජය පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ඒ, ජනාධිපතිවරයා සහ චීන ජනාධිපති ෂී ජින් පිං අතර ඊයේ (15) පස්වරුවේ පැවති නිල හමුවෙ දී ය.
”මහජන චින සමූහාන්ඩුවේ ආර්ථික කාර්මික සහ තාක්ෂනික සහයෝගිතා සංවර්ධනය මෙන්ම මානව සංවර්ධනය කෙරෙහි අත්කර ගෙන තියන දැවැන්ත සංවර්ධනය පිළිබඳව ශ්‍රී ලංකාව බෙහෙවින් සතුටට පත්වෙනවා.
ද්වි+පාර්ශ්වික බහු පාර්ශ්වික සංසද ඇතුළු සියලු කේෂ්යෙන්හිදි එක් චීනයක් ප්‍රතිපත්තිය වෙනුවෙන් අපේ රජය පෙනී සිටිනවා.
චීන සමූහාණ්ඩුව දශක කිහිපයත් තිස්සේ ශ්‍රි ලංකාව සමාජ ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටුකර තිබෙනවා. මෙම සංචාර අපගේ රටවල් සහ ජනතාවගේ අභිවෘධිය වෙනුවෙන් බහුපාර්ශ්වික සහොයෝගිතාව ශක්තිමත්වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා”
එහි දී චීන ජනාධිපතිවරයා පැවසුවේ සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් බවයි.
සමීප මිත්‍ර රාජ්‍යයන් ලෙස චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන සබඳතාව ද සිහිපත් කළ ජනාධිපති ෂී ජින් පිං ඉදිරියට ද ශ්‍රී ලංකාව සමග නිරන්තර සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව ප්‍රකාශ කරයි.
රාජ්‍ය නායක දෙපළ අතර නිල හමුවෙන් පසු දෙරට අතර ආර්ථික, සාමාජයිය හා කර්මාන්ත යන ක්ෂේත්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම ද සිදුවිය.