ආණ්ඩුවට හාල් පොල් ප්‍රශ්නෙටවත් විසඳුම් නෑ… රනිල් නැවත එන්න සූදානම්…!

December 30, 2024 at 12:12 pm | by emanisa.lk

ජනතාව පළපුරුද්දක් නැති පිරිසකට රට භාරදී දීමට ගත් තීන්දුව මත ඔවුන් බරපතළ ඛේදවාචකයකට මේ වන විටත් පත් වී ඇතැයි හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන සඳහන් කරයි.

වර්තමාන රජයට මුහුණ දීමට නොහැකිව ඇති සහල් ප්‍රශ්නය මෙන්ම පොල් ප්‍රශ්නය ද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දරද්දී නොපැවති බවයි, ඔහු පෙන්වා දුන්නේ.

එකල සහල් ගැටලුවක් ද මතු නොවූ බවත් නොමිලේ සහල් කිලෝ විස්ස බැගින් ටොන් ගණනක් ජනතාවට බෙදා දී ඇති බව ද ඔහු පවසයි.

ශ්‍රී ලංකාවට අනතුරක් නම් බලය ඇතත් බලය නැතත්, තනතුරු ඇතත් තනතුරු නැතත් රනිල් වික්‍රමසිංහ මහතා නැවත පැමිණීමට සූදානම් බවත් වජිර අබේවර්ධන මාධ්‍ය හමුවක් අමතමින් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *