ආණ්ඩුවට විපක්ෂයේ උපදෙස් උවමනා නැතැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරියක් කී බව දැනගන්නට ලැබුණේ යැයි අමාත්‍ය, සභානායක බිමල් රත්නායක පවසයි.
එහෙත් එම ප්‍රකාශය වැරදි බවත් ආණ්ඩුවට විපක්ෂයේ මගපෙන්වීම අවශ්‍ය බවත් ඇමතිවරයා අවධාරණය කරයි.
එසේම විපක්ෂය තවත් ව්‍යාපාර කමිටුවක් ලබා දීමට ආණ්ඩුව තීරණය කර ඇති බව ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කරයි.
අද (06) පාර්ලිමේන්තුව අමතමින් බිමල් රත්නායක මේ බව කීය.