අඛණ්ඩව එක්සත් ජාතික පක්ෂය විසින් බලය රැකගත් මැද කොළඹ ප්‍රේමදාස බලකොටුව මෙවර ජාතික ජනබලවේගය විසින් ඓතිහාසික ජයග්‍රහණයක් ලබාගත්තේය.
1977 මහ මැතිවරණයේ දී මැද කොළඹ ජයග්‍රහණය කළ රණසිංහ ප්‍රේමදාස මහතා ඡන්ද 94,228ක් ලබාගන්නේ එම මැතිවරණයේදී 36.32 ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමිනි.
ඉකුත් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා මැද කොළඹ සිය බලය තහවුරු කරගන්නේ ඡන්ද 32,289ක් ලබාගනිමිනි. එවර අනුර කුමාර දිසානායක මහතා මැද කොළඹින් ලබාගන්නේ ඡන්ද 17,978ක් පමණි.
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා මැදකොළඹින් ඡන්ද 15,692ක් ලබාගත් අතර නාමල් රාජපක්ෂට ලැබුණේ ඡන්ද 954ක් පමණි. මෙවර මහ මැතිවරණයේදී ජාතික ජනබලවේගය මැදකොළඹින් ඡන්ද 33,285ක් ලබාගන්නේ පසුගිය ජනාධිපතිවරණයට වඩා ඡන්ද 15,307ක් ලබාගනිමින්ය.