සමගි ජනබලවේගයේ මොණරාගල දිස්ත්රීක් අපේක්ෂක නීතීඥ ඉන්දික විජයබණ්ඩාර අත්තනායක මහතාට මිරිස් කුඩු ප්රහාරයක් ඊයේ (03) රාත්රී එල්ලවී තිබේ.
ඡන්ද ප්රචාරක රැස්වීමක් ඇමතීම සඳහා ගමන්කරමින් සිටි ඉන්දික අත්තනායක ගමන් ගත් ජීප් රථය දඹගල්ල බුසලේ කන්ද ප්රදේශයේ දී මාර්ග බාධක ගැට්ටක් අසල වේගය අඩුවනවාත් සමඟ මග රැදී සිටි පුද්ගලයකු විසින් මිරිස්කුඩු ප්රහාරය එල්ලකර පොල්ලකින් පහර දී ඇත.
ප්රහාරයෙන් තුවාල ලැබූ ඒ මහතාත් රියදුරුත් මොණරාගල සිරිගල රෝහලේ ප්රතිකාර ලබති. මෙම ප්රහාරය එල්ලකරනු ලැබුවේ කවුරුන්දැයි අනාවරණය වී නැති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බවත් පොලීසිය සඳහන් කරයි.