මන්ත්‍රී විශ්‍රාම වැටුප සඳහා කෝටි 33ක්….!

October 13, 2024 at 8:59 am | by emanisa.lk

විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රුපියල් කෝටි 33ක් අයවැය මගින් වෙන්කර තිබේ. ඒ දැනට විශ්‍රාම ලබා සිටින හිටපු මන්ත්‍රීන් සහ මියගිය මන්ත්‍රීන්ගේ වැන්දඹුවන් 424 දෙනකු වෙනුවෙනි. පසුගියදා විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීන් මෙම සංඛ්‍යාවට අයත් නොවේ.

අප වෙත පාර්ලිමේන්තුවෙන් ලැබුණු නවතම වාර්තා අනුව වසර 5 ක අවම සේවා කාලයක් සම්පූර්ණ කළ මන්ත්‍රීවරයකුට සියලුම දීමනා ද සහිතව මසකට රුපියල් 57,620ක මුදලක් විශ්‍රාම වැටුප් ලෙස හිමිවෙයි.

මැතිසබයේ වසර 15 ක් හෝ ඊට වැඩි කාලයක් සිටි මන්ත්‍රීවරයකුට සියලුම දීමනා සහිතව ගෙවනු ලබන මාසික විශ්‍රාම වැටුප රුපියල් 75,715 කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *