ඉහළ ම බලවතෙක් රටින් පනින සූදානමක්… අධිකරණයෙන් තහනමක් ඉල්ලයි..!

October 8, 2024 at 11:25 am | by emanisa.lk

සුරා බදු දෙපාර්තමේන්තුවේ ඉහළ ම නිලධාරියෙකු ඇතුළු නිලධාරීන් පිරිසක් විදෙස් ගතවීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති නිසා ඔවුනට විදෙස් ගමන් තහනමක් පනවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කර ඇත.

නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරමින් සඳහන් ඇත්තේ නව මත්පැන් බලපත්‍ර නිකුත් නොකරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය නොතකා කටයුතු කිරීමෙන් මෙම පිරිස අධිකරණයට අපහාස කර ඇති බවයි.

එනිසා ඔවුන්ට එරෙහිව නඩු විභාගයක් පවත්වා දඩුවම් නියම කරන්නයි ද පෙත්සම්කරු ඉල්ලා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *