මන්ත්‍රී විශ්‍රාම වැටුප සහ වාහන බලපත්‍ර අහෝසියි…?

October 1, 2024 at 10:04 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී වාහන බලපත්‍ර සහ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නව කැබිනට් මණ්ඩලයේ පළමු හමුව ඊයේ (30) පස්වරුවේ පැවැත්විණි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති එම කැබිනට් හමුවේ දී මෙම තීන්දුව ගෙන තිබේ. තමන් බලයට පැමිණි වහා මන්ත්‍රී වාහන බලපත්‍ර සහ විශ්‍රාම වැටුප අහෝසි කරන බව ජාතික ජන බලවේගය සඳහන් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *