රටක් ලෙස හැමදාමත් විදෙස් රටවලින් හිඟා කෑම කළ නොහැකි අතර අපනයන ආර්ථිකය ශක්තිමත් කර ජීවන බර සැහැල්ලු කළ යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
“අපිට තියෙනවා රුපියල තව ශක්තිමත් කරන්න. ජීවන බර සැහැල්ලු කරන ඒකයි මගේ පළමුවෙනි පරමාර්ථය. ආදායම් වැඩි කරලා, බදු බර සැහැල්ලු කරන්න. රැකියා බිහිකරන්න ඕනේ. අස්වැසුම, උරුමය ආරක්ෂා කරන්න. මේ රටේ අපනයන ආර්ථිකයක් ඇති කරන්න.
අපිට හැමදාම විදේශ ණය අරගෙන හිඟා කන්න බැහැ. අපි අපිට ඕන විදේශ විනිමය අපි හොයා ගන්න ඕනේ. අපනයන ආර්ථිකයක් ඇති කරගන්න ඕනේ. එතකොට මේ ජීවන බර තව සැහැල්ලු වෙනවා. එන අවුරුද්ද වෙනකොට තවත් සැහැල්ලු වෙනවා. එදා මුදල් තිබුණේ නැහැ. මුදල් හොයාගෙන අස්වැසුම දුන්නා. සමෘද්ධි වගේ තුන් ගුණයක්. අස්වැසුම දුන්නා.
ඒ වගේම පුද්ගලික අංශයේ පඩි වැඩිකළා. වතුකරයේ පඩි වැඩිකළා. රජයේ සේවකයින්ගේ දීමනා වැඩිකරලා උදය සෙනෙවිරත්න වාර්තාවෙන් පඩිත් වැඩිවෙනවා. දීමනාවත් වැඩිවෙනවා. විශ්රාමිකයින්ගේ වැටුපත් වැඩිවෙනවා. තව අලුත් තීරණ දෙකක් ගත්තා. මෙතෙක මේ රටේ අද විදේශ විනිමය සංචිතය දියුණු වෙලා තියෙන නිසා වාහන ආනයන තහනම ඉවත් කළා. එන අවුරුද්දේ ඉදන් වාහන ලංකාවට ගේන්න පුළුවන්.”
රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (13) පුළුවන් ශ්රී ලංකා බේරුවල මහජන රැළීය අමතමිනි.