අනුරගේ ප්‍රකාශය ජාතිවාදී එකක් නෙමෙයි.. උතුර ඉල්ලන වෙනසට අනුරගේ සහය ඕන…! – සුමන්දිරන්…

September 8, 2024 at 2:32 pm | by emanisa.lk

උතුරේ ජනතාව ඉල්ලා සිටින වෙනසට දකුණ තවමත් කොටස්කරුවන් නොවී සිටීමට කනගාටුදායක බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා පවසයි.

ඔහු‌ මේ බව ඊයේ (07) ප්‍රකාශ කළේ, කිලිනොච්චියේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

“ඊයේ දිනයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක යාපනයේදී කතා කරන විට දකුණේ ජනතාව වෙනසකට සූදානම් වන අවස්ථාවක උතුරේ ජනතාව එහි කොටස්කරුවන් නොවී ඉන්නවා කියලා වගේ අදහසක් කියලා තිබුණා. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් විරෝධයක් ගොඩනැගෙමින් ති‌‌බෙනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණාම ඔහු දිවුරුම් දෙද්දී මේ වගේ කතාවක් කියලා තිබුණා. උතුරේ ජනතාව මගේ ජයග්‍රහණයේ කොටස්කරුවන් වුණේ නැහැ කියලා දුක්වෙමින් කිව්වා. එයාව ජනාධිපති කරපු අයම එයාව පන්නා දැමුවා. ඒ වෙලාවේ දැනගෙන ඇති, උතුරේ ජනතාව දුරදක්නා නුවණ හරි කියලා.

වෙනස ගැන කතා කරද්දී, අපිත් වෙනස පිළිගන්නවා. නමුත් අපේ ජනතාව ඉල්ලන වෙනස අවුරුදු 70කට වඩා වැඩි කාලයක් තිස්සේ කියනවා. අපේ දුක දකුණේ ඉන්න අය ඒකේ කොටස්කරුවන් නොවී ඉන්න එකයි. එයාලාගේ හිත කොයි වෙලාවේ වෙනස් වෙයි ද? කියන ප්‍රශ්නය තියෙනවා.

අනුර කුමාර දිසානායකව හොඳින් දන්න කෙනෙක් හැටියට, ඔහු මේක ජාතිවාදී ප්‍රකාශයක් විදිහට කියලා නැතිව ඇති කියලා විශ්වාස කරනවා. මේ අවාසනාවන්ත සිදුවීමක්. මේක ජාතිවාදි ප්‍රකාශක් නොවේ කියලා මම විශ්වාස කරනවා. අපේ ජනතාව බලාපොරොත්තු වන වෙනසත් මේ රට තුළ ස්ථාපිත කරන්න ඔනේ.

ඔහු දින්නත්, පැරදුණත් ඒකට අපිට සහාය වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඔහු දින්නත්, පැරදුණත් ඔහු කියන වෙනස ඇති කරන්න අපිත් සුදානමින් තමා ඉන්නේ. රටේ වංචාව වැනි කරුණු තුරන් කරන්න ඔනේ කියන මතයේ අපිත් ඉන්නවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *