අනුරගේ ප්‍රතිපත්තියේ රනිල්ගේ නොවන යෝජනා තියෙන්නේ එකයි.. ඒක කරන හැටි කීවොත් මගේ ඡන්දෙත් මාලිමාවට…! – වරුණ රාජපක්ෂ…

August 28, 2024 at 6:56 pm | by emanisa.lk

ජාතික ජන බලවේග ජනාධිපති අපේක්ෂක අනුර දිසානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිරී ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති සහ සැලසුම්වලින් බව එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක වරුණ රාජපක්ෂ පවසයි.

“මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අරන් එහි අඩංගු රනිල් වික්‍රමසිංහ යෝජනා කළ ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තියක් තියෙනවා නම් ඒකට කතිරයක් ගහන්න. ඔහු යෝජනා කොට ඉදිරියේ දී ක්‍රියාත්මක කරන දෙයක් තියෙනවා නම් ඒකට ප්‍රශ්නාර්ථයක් දාන්න. එහෙම නොකළ අලුත්ම යෝජනාවක් ඇත්නම් ඒකට හරියක් දාන්න. මම උදාහරණ කිහිපයක් විතරක් කියන්නම්.

මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා, 9 වැනි වසරේ කඩඉම් විභාග යෝජනාවක්. ඒක 1982 ධවල පත්‍රිකාවේ ආ යෝජනාවක්. මේකට විරුද්ධව එදා ජවිපෙ බරපතළ විරෝධයක් එක්ක පාරට බැස්සා. ඒ වගේම මාලිමාව යෝජනා කරන පොකුරු පාසල් ක්‍රමයත් ඒ ධවල පත්‍රිකාවේ තියෙනවා.”

එම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ඉදිරිපත් කර ඇති රනිල් වික්‍රමසිංහගේ නොවන එකම යෝජනාවඅධ්‍යාපනය සඳහා 6%ක් ද සෞඛ්‍යය සඳහා 3%ක් ද රාජ්‍ය සේවක වැටුප් වැඩි වීම බවත් බදු අඩු කිරීමෙන් පසු ඒ සඳහා මුදල් සොයා ගන්නා ආකාරය මාලිමාව ඉදිරිපත් කරන්නේ නම් සිය ඡන්දය ද මාලිමාවට ලබා දෙන බවත් වරුණ රාජපක්ෂ අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *