සිංහල බෞද්ධ නායකයන් එපා… උතුරේ ජනාධිපතිවරණ වර්ජනයක්…!

August 23, 2024 at 12:49 pm | by emanisa.lk

එළැඹෙන ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙස ඉල්ලා දෙමළ ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් දෙමළ ජාතික ජනතා පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු කණ්ඩායමක් යාපනයේ දියත් කර ඇති බව වාර්තා වේ.

“ශ්‍රී ලංකාවේ ඒකීය ව්‍යවස්ථාව අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙනෙනතුරු ජනාධිපතිවරණය වර්ජනය කිරීම” මැයෙන් සඳහන් නිවේදනයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කරමින් ඊට සමගාමීව අත්පත්‍රිකා බෙදාහැරීමේ ව්‍යාපාරයක් ඔවුන් විසින් දියත් කරනු ලැබ ඇත.

සිංහල බෞද්ධ නායකයන් දෙමළ ජනතාව රැවටීම සහ ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලබන බව ප්‍රතික්ෂේප කරන බව පෙන්වීමට ජනාධිපතිවරණය වර්ජනය කළ යුතු බවත් ඔවුන් මේ දැනුවත් කිරීම් මගින් ප්‍රකාශ කර ඇති බවත් සඳහන් වේ.

කෙසේ වුව ද මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂයක් ඡන්ද වර්ජනයක් සිදු කිරීම සඳහා ජනතාව පෙළඹවීම 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතට අනුව නීති විරෝධී බවත් ඒ පිළිබඳ අදාළ ක්‍රියාමාර්ග ගත යුතු බවත් අදාළ අංශ මේ වන විටත් බලධාරීන් දැනුවත් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *