ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර ගිය අය නැවත එක්කර ගැනීමේ සූදානමක් නැති බව ශ්‍රී ලංකා පොදුන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.
“එතුමන්ලව නැවත ගන්නේ නැහැ. අපිට දෙවන පෙළක් එකතුවෙලා ඉන්නවා. ශක්තිමත් දෙවන පෙළක්. ඒ දෙවන පෙළ අපිට ඔප්පු කරලා පෙන්වල තියෙනවා අතහැරලා ගිය අය නැති වුණාට ඊට වැඩිය ශක්තිමත්ව හොඳින් කරන්න පුළුවන් කියලා.
ඒක තමයි අපට අවශ්‍ය වෙලා තිබුණ දේ. මහින්ද රාජපක්ෂ මහත්තයා පැහැදිලිව කිව්වනේ ජනතාවට එපා නම් මම ඒ සැලුන් දොර වහනවා කියල.”