ශ්‍රේෂ්ඨාධීකරණ තීන්දුවත් සමග මනූෂ නානායක්කාරගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් ඇති වන පුරප්පාඩුව සඳහා මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පත් කරන බව සමගි ජන බලවේගය පවසයි.
එසේ ම පසුගිය වර සජබ ජාතික ලැයිස්තුවෙන් පත් වූ හරීන් ප්‍රනාන්දුට ධුරය අහිමි වීමත් සමග පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා කළමනාකරණ මණ්ඩලය එක්ව එම මන්ත්‍රී ධුරයට පත්වෙන පුද්ගලයා ගැන තීරණයක් ගන්නා බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කියා සිටියේය.