සජිත්ගේ හුස්ම සහ සක්වළ නවති….!

July 29, 2024 at 7:11 pm | by emanisa.lk

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ‘හුස්ම’ සහ ‘සක්වල’ ප්‍රජා සත්කාරක වැඩසටහන් නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබේ.

ඒ අනුව එම වැඩසටහන් තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ දැනුම් දීම මත පරිත්‍යාගශීලීන්ගේ සහයෝගයෙන් ක්‍රියාත්මක හුස්ම සහ සක්වල වැඩසටහන් නතර කළ ද රජයේ මුදල් අවභාවිත කරමින් නිවාස ඔප්පු සහ ඉඩම් බෙදාදීම, ශිෂ්‍යත්ව වැඩසටහන්, ආගමික වැඩසටහන් තව දුරටත් ක්‍රියාත්මක බවට ඔහු චෝදනා කළේය.

මැතිවරණ කාල සීමාවක රාජ්‍ය දේපළ අයුතු ලෙස පරිහරණය කරමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නියැළීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බැවින් මැතිවරණ නීතිය සැමට සමානව බලාත්මක කරමින් එම කටයුතු නතර කරන්නයි මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාට ලිඛිතව පැමිණිල කළ බවත් රංජිත් මද්දුමබණ්ඩාර තව දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *