ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම මේ මස අවසානයේදී සිදු කරන බව එම පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.
ජනාධිපති අපේක්ෂකයෙකු නම් කර සති 4-6ත් අතර කාලය දී ඔහු ජයග්‍රහණය කරවීමට තරම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ යාන්ත්‍රණය ශක්තිමත් බවයි, නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ජනාධිපතිවරණයට පොහොට්ටුවේ අපේක්ෂකයෙකු නම් කිරීමට ප්‍රමාද ඇයි ද? යන්න පිළිබඳව මාධ්‍ය කළ විමසීමකදී ය.
මෙහිදී නාමල් රාජපක්ෂ පැවසුවේ, කලබලයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු නම් නොකරන අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්තිවලට එකඟ මෙන්ම ජනාධිපතිවරණයෙන් ජය ගත හැකි අපේක්ෂකයෙකු මේ මස අවසානයේදී නම් කරන බවයි.