ශ්‍රී ලංකාවට මී ගවයින් හා එළ ගවයින් ලබා දීමට ඉන්දියාව හා පකිස්තානය දෙරටම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එකඟත්වය පළ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
දැනට අප රටේ සිටින මී ගවයින් සහ එළ ගවයින් අතරින් එක් ගවයෙකුගෙන් දිනකට ලබා ගන්නා කිරි ප්‍රමාණය ලීටර් 10ක් පමණ වන අතර හොඳ වර්ගයේ එක් ගවයෙකුගෙන් දිනකට තුන්වරක් කිරි ලීටර් 60ක් දක්වා ලබා ගැනීමට හැකියාව පවතින බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා මෙරට ඉන්දීය හා පකිස්ථාන මහ කොමසාරිස්වරුන් සමග කළ සාකච්ඡා අනුව ඉන්දීය රජය විසින් සහිවාල් නැමැති එළ ගව විශේෂය ද, පාකිස්ථානය විසින් මුරා නැමැති මී ගව විශේෂය ද මෙරටට ලබා දීමට නියමිතය.
අපේ රටේ දේශගුණික තත්ත්වයන්ට ගැලපෙන එළ ගවයින් හා මී ගවයින් සිටිනුයේ ඉන්දියාවේ හා පකිස්ථානයේ පමණක් බවත් මින් වසර කිහිපයකට පෙර නවසීලන්තය හා ඔස්ට්‍රේලියාවේ සිට ගවයින් ආනයනය කළ ද එම ව්‍යාපෘති අසාර්ථක වූ බවත් කෘෂිකර්ම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරයි.