රනිල්ට ජනාධිපති අපේක්ෂකත්වය පොහොට්ටුවට ආවොත් විතරයි…! – සාගර…

July 3, 2024 at 11:43 am | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබා ගන්නේ නම් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා දීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

මෙතෙක් අපේක්ෂකයා සම්බන්ධයෙන් තීන්දුවක් ගෙන නොමැති අතර නිසි අවස්ථාවේ පොහොට්ටුව සලකුණ යටතේ අපේක්ෂකයා ඉදිරිපත් කරන බවයි, ඔහු අවධාරණය කළේ.

පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සාගර කාරියවසම් මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *