ජනපතිගේ ජාතික ආණ්ඩු යෝජනාව සජබ ඉවත දමයි…!

July 2, 2024 at 2:51 pm | by emanisa.lk

වර්තමාන ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන කිසිදු යෝජනාවකට සහයෝගය නොදිය යුතු බව සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

එවැනි යෝජනාවකට සහයෝගය නොදිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ගෙන ආ යෝජනාව සජබ මන්ත්‍රී කණ්ඩායම අද (02) ඒකමතිකව අනුමත කර ඇත.

පසුගියදා මාතර පැවැති ජන රැලියක දී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අර්බුදයෙන් ගෙන ඒම සඳහා පාර්ලිමේන්තු නියෝජනය කරන සියලු පක්ෂ සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට තමා සූදානම් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *