රනිල්ට ආයේ රට භාර දෙනවා නම් ඒ මිනිස්සු වෙන්න බෑ..! – අනුර…

June 27, 2024 at 2:48 pm | by emanisa.lk

රට ණය අර්බුදයෙන් ගොඩගත් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ද ඊට ජාතික වශයෙන් විසඳුම් සෙවිය යුතු බව ජාතික ජන බලවේග නායක අනුර දිසානායක පවසයි.

ඔහු පවසන්නේ මෙම අර්බුදයට විසඳුම රාජ්‍ය ආදායම සහ රටට ලැබෙන විදේශ විනිමය ඉහළ නංවා ගැනීම බවයි.

පසුගිය වසර දෙක තුළ රනිල් වික්‍රමසිංහ ඒ සඳහා සිදුකළ එක කටයුත්තක් පවසන ලෙස හෙතෙම අභියෝග කරයි.

රනිල් වික්‍රමසිංහ නැවත පොහොට්ටුවේ පිරිසක් සමග එකතු වී සුපුරුදු ත්‍රාඩ දේශපාලනයට පණ පෙවීමට සූදානම් වන බවට අනුර දිසානායක චෝදනා කළේය.

ඒ සඳහා නැවත ඉඩ ලබා දෙන්නේ නම් මේ රටේ අපි මිනිසුන් නොවන බව ද ඔහු කීවේය.

අනුර දිසානායක මේ බව ඊයේ (26) පැවසුවේ ජාතික ජන බලවේග බැංකු හා මූල්‍ය සංසදයේ මහනුවර දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *