විපක්ෂ නායකකම ෆොන්සේකාට ලබා දීමේ යෝජනාවක්…!

June 9, 2024 at 7:31 pm | by emanisa.lk

ස්වාධීන රූපවාහිනී සේවය සජිත්-රනිල් විවාදය සඳහා සියලු කටයුතු සූදානම් කළත් සජිත් ප්‍රේමදාස එහි නොපැමිණි බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙබණ්ඩාර පවසයි.

අනුර දිසානායක එහි පැමිණ පාළු ගෙයි වළං බිඳ ආපසු ගිය බව ද සජිත් ප්‍රේමදාස කළේ එජාපයේ ගෑවුණු අයකු නොකළ නොසණ්ඩාල වැඩක් බවත් මහ ලේකම්වරයා පෙන්වා දෙයි.

දැන් සජිත් ප්‍රේමදාස කළ යුත්තේ විපක්ෂ නායක පුටුවේ සිට හෑම දැන්වත් නතර කොට එය සරත් ෆොන්සේකාට ලබා දී තොලොංචි වීම බව ද පාලිත රංගෙබණ්ඩා සඳහන් කළේ.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *