ඉස්සර හැමදාම විරෝධතා කළ ජවිපෙ දැන් හාමුට බයේ පාරට බහින්නෙත් නෑ…! – දිලිත්…

June 5, 2024 at 2:13 pm | by emanisa.lk

පසුගිය ආණ්ඩු සමයේ සතියට දවස් දෙකක් පෙළපාළියෙන් ගාලු මුවදොරට එන ජනතා විමුක්ති පෙරමුණ අද නිහඬ වී ඇතැයි මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි.

ඔහු පවසන්නේ හාමු මහත්තයාට බයේ සැඟව නොසිට යෝජිත විදුලි බල පනත පිළිබඳ මතය රට හමුවේ තබන ලෙසයි.

නව විදුලි බල පනත ගෙනැවිත් ඇත්තේ රටේ ප්‍රශ්න විසඳීමට හෝ ජනතාවට සහන ලබා දීමට නොවන බව ද දිලිත් ජයවීර සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *