කැලණි ගං මිටියාවතේ නව ඉදිකිරීම් තහනම්…!

June 4, 2024 at 12:30 pm | by emanisa.lk

ගං වතුර පාලනය කිරීමේ අරමුණෙන් කැලණි ගං මිටියාවතේ නව ඉදිකිරීම්වලට අවසර නොදෙන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කරයි.

ජනාධිපතිවරයා ඊයේ (ජුනි 3) අදාළ නිලධාරීන්ට මේ බව දැනුම් දී තිබේ. එම ප්‍රදේශ ආශ්‍රිතව අනවසර ගොඩකිරීම් වහා ම නැවැත්වීමට පියවර ගන්නා ලෙසත්, මුල්ලේරියාව සහ අයි.ඩී.එච්. රෝහල් වෙනත් ස්ථානයකට ගෙන යන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

නාගරික සංවර්ධන අධිකාරිය, ආපදා කළමනාකරණය දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යන ආයතන එක්ව ගං වතුර පාලනය කිරීමට ස්ථිර වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත්, නළ මාර්ග භාවිත කර ගං වතුර වේගයෙන් බැස යාමට සලස්වා ජනතාව නැවත පදිංචි කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවගේ සුව දුක් විමසීමට කොළොන්නාව, කැලණිය සහ අඹතලේ ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදී කොළොන්නාව, සේදවත්ත, වෙහෙරගොඩ රජමහා විහාරයේ පැවැති සාකච්ඡාවට එක් වෙමින් ජනාධිපතිවරයා බව සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *