රටේ සංවර්ධන වැඩ නතර කරන්න අපි කීවේ නෑ…! – මැතිවරණ කොමිසම…

June 1, 2024 at 10:33 am | by emanisa.lk

මැතිවරණ කොමිෂන් සභාව රටේ සංවර්ධන කටයුතු නතර කළ යුතු බවට නිවේදන නිකුත් කර නැතැයි එම කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

රටක් පවත්වා ගෙන යාමේ දී සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු බව පැවසූ කොමසාරිස් ජනරාල්වරයා මැතිවරණ කාලයකදී එම ව්‍යාපෘති දේශපාලන මැදිහත්වීම්වලින් තොරව සිදුකළ යුතු බව සඳහන් කළේ ය.

මේ වන විට පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කර තිබෙන බැවින් එම මැතිවරණයේ අපේක්ෂකයන් හෝ හිටපු සභිකයන් සංවර්ධන කටයුතුවලට යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

මැතිවරණය ප්‍රකාශයට පත්කර තිබෙන බැවින් මෙම කාල සීමාවේ දී පත්වීම් ලබා දීමේදී රජයේ ආයතන මැතිවරණ කොමිෂන් සභාවෙන් අවසර ලබා ගැනීම සිදුවන බව ද සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *