හිටපු සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගා නිකුත් කරන ලද අමාත්‍යංශය සතු වාහන හතරක් වහාම භාර දෙන ලෙස දැනුම් දී ඇතත් ඊයේ වන තෙක් භාරදී නොමැති බව වාර්තා වෙයි.
මෙම වාහන හතර අමාත්‍යංශය වෙත භාර දෙන ලෙස සංචාරක අමාත්‍යාංශය මගින් දැනුම් දී ඇත්තේ පසුගිය අටවෙනිදාය.
මෙතෙක් භාරනොදුන් වාහන අතර ඩිස්කවරි වර්ගයේ ජීප් රථයක්, ඩබල් කැබ් රථයක්, ප්‍රාඩෝ ජීප් රථයක් හා නිසාන් වර්ගයේ කාර් රථයක් වෙයි.
මේ අතරින් ඩබල් කැබ් රථය රිය අනතුරක් හේතුවෙන් කුරුණෑගල පොලිසියේ අත්අඩංගුවේ ඇතැයි අනාවරණය වී ඇත.