ජනපති ධුර කාලය දික්කරන්න කිසි ම සූදානමක් නෑ…! – ජී.ඇල්..

January 22, 2022 at 9:51 pm | by emanisa.lk

ජනාධිපතිවරයාගේ හෝ පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා කිසිදු සූදානමක් නොමැති බව විදේශ අමාත්‍ය ජී.ඇල්. පීරිස් පවසයි.

මහනුවර සංචාරයක නිරත වෙමින් සිටිය දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැති පීරිස් සඳහන් කළේ ධුර කාලය දීර්ඝ කිරීම පිළිබඳව නොව, ඉතිරි වී තිබෙන වසර 03 ක කාලය තුළදී ජනතාවට පොරොන්දු වූ සියලු දේ ලබාදීම ආණ්ඩුවේ එකම අභිප්‍රාය බවයි.

ඒ හැර වෙනත් කිසිවක් සම්බන්ධයෙන් අවධානය යොමුව නොමැති බවද ඔහු පවසයි.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ඩයනා ගමගේ ඊයේ (21) පාර්ලි‍මේන්තු විවාදයට සහභාගිවෙමින් සඳහන් කළේ කොවිඩ් නිසා අහිමි වූ වසර දෙකක කාලය ජනාධිපතිවරයාටත් වත්මන් පාර්ලිමේන්තුවටත් ලබාදිය යුතු බවයි. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පසුගිය දිනවලදී අදහස් දක්වා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *