ඉස්ලාම් පල්ලි සහ නිවාස පරික්ෂා කිරීමේ දී අනුගමනය කළ යුතු කොන්දේසී මාලාවක් ආරක්ෂක අංශ වෙත නිකුත් කර තිබේ.ඒ අනුව කිසියම් පල්ලියක් පරික්ෂා කිරීමේ දී මවුලවි දැනුම්වත් කළ යුතුය. යාඥා කරන වේලාවක් නම් පරික්ෂාවට නොයා යුතුය. සිකුරාදා පරික්ෂා කිරීම් අවම කළ යුතුය. නිල සුනඛනයන් ඉස්ලාම් දහමට අනුව යොදාගත යුතුය. ශුද්ධ වූ තිබිලා දැනගෙන පරික්ෂා කළ යුතුය. ස්ත්‍රීන් නිවසේ සිටී නම් නිසි ලෙස ඇඳුම් ඇඳලා දැයි විමසා බැලිය යුතුය. පල්ලියට පාවහන් ගලවා පිවිසිය යුතුය ආදී කොන්දේසී සමූහයක් මෙහි දැක්වෙයි.