ලෝකෙ වටේ සවාරි ගැසීමට වඩා රටේ දරු පරපුර වෙනුවෙන් කිරීමට විශාල වැඩ ප්‍රමාණයක් තමන්ට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
තමාද ඇමෙරිකාවට, කැනඩාවට, ඔස්ට්‍රේලියාවට යන්නේ නැද්ද කියා විමසන බවත් තමාට එම රටවලට යනවට වඩා රටේ පාසල් 10126ට ගොස් එහි අඩුපාඩුකම් සොයා බලා මේ රටේ 41 ලක්ෂයක් රජයේ අධ්‍යාපනයෙන් පෝෂණය වන දූ දරුවන්ට ශක්තිය ලබා දීම වැදගත් බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.
තමන් මේ අඩුපාඩු සොයා පාසල් සුහුරු පාසල් බවට පත් කරනවා යැයි පවසන විට මේ දූදරුවන්, ගුරුවරුන් සහ දෙමාපියන් මහපාරට බැස්සවිය හැකි බවත් එසේ වුවත් රටේ පාසල්වල දරුවන් ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලැබිය හැකි සුහුරු සිසුවන් බවට පත්කිරීම තම අරමුණ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.