රට හදන හැටි කියන GMOA ලොක්කා රට සවාරිවලටත් OT අරන්…!

September 12, 2023 at 8:58 am | by emanisa.lk

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු සම්මන්ත්‍රණ සඳහා විදෙස්ගත වූ අවස්ථා හතරකින් දෙකකදීම එම කාලසීමාව තුළ සේවයේ නිරත වූ බවට ව්‍යාජ දත්ත ඉදිරිපත් කර අතිකාල දීමනා ලබාගෙන ඇති බවට විගණනයක දී අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මේ සම්බන්ධව විමර්ශනයක් ද ආරම්භ කර ඇත.

එසේම මෙම වෛද්‍යවරයා සම්මන්ත්‍රණ 4කට සහභාගී වීමට විදෙස්ගත වී ඇති නමුත් එම සම්මන්ත්‍රණවලට සහභාගී වීම සඳහා ඔහු අවස්ථාව ලබාගත්තේ කෙසේද යන්න පිළිබඳවත් ප්‍රශ්නයක් මතුවී ඇති බව සඳහන්ය.

වෛද්‍යවරුන් අතරින් විවෘත කැඳවීම් නොකර මොහුටම එම අවස්ථා හතරම ලැබුණේ කෙසේද, ඊට ඖෂධ සමාගම්වල සම්බන්ධයක් ඇත්ද යන්න ගැටලු සහගත වී ඇත.

අදාළ වෛද්‍යවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රබලයකු මෙන්ම වියත්මග සංවිධානයේ ප්‍රබලයකු බවත් ආරංචි මාර්ග පවසයි. ඒ හේතුවෙන් ඔහු තම ඉහළ මට්ටමේ සම්බන්ධතා භාවිත කරමින් තමන්ට එරෙහි විමර්ශනය යටගැසීමට කටයුතු කිරීමට ද ඉඩ ඇති බව ද වැඩිදුරටත් සඳහන් වෙයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසඳීම සහ රට ගොඩනැගීම සම්බන්ධයෙන් මෑතකදී මෙම වෛද්‍යවරයා මාධ්‍ය හමුවක් පවත්වා රටට උපදෙස් දී ඇති අතර තමන් සේවය කරන ආයතනයට ව්‍යාජ දත්ත ඉදිරිපත් කර මුදල් වංචා කරන අතර රට ගොඩනගන්නේ කෙසේද යන්න බොහෝ දෙනාට ප්‍රශ්නයක් වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *