අලුත් අවුරුද්දට බිත්තරයක් රු. 35ට දෙනවා..! ගැසට් ගැහුවොත් මිල වැඩිවෙනවා..! – බිත්තර සංගමය..

March 3, 2024 at 11:18 am | by emanisa.lk

මේ මොහොත වන විට දේශීය වෙළඳපළට බිත්තර ක්‍රමානුකූලව එකතු වෙමින් තිබෙන බවත්, ඒ හේතුවෙන් සිංහල අවුරුදු සමය වන විට මෙරට බිත්තර ගෙඩියක මිල රුපියල් 35-40කට වඩා වැඩි නොවන බවත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් මහතා පෙන්වා දෙන්නේ එළබෙන මැයි මාසය වන විට බිත්තරයක් අනිවාර්යෙන්ම රුපියල් 25 -30 අතරට මිලකට පත්වෙන බවයි.

කෙසේ නමුත් ගැසට් මගින් බිත්තර සඳහා පාලන මිලක් නිර්දේශකර මෙය පාලනය කරන්න ගියහොත්, වෙළඳපළේ නැවතත් බිත්තර අර්බුදයක් ඇති වනු ඇති බව ද හෙතෙම සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *