කිලෝව රු. 850ට ඉන්දීය කුකුළු මස් වෙළඳපොළට…!

September 4, 2023 at 9:36 am | by emanisa.lk

කුකුළු ගොවිපළ හිමියන් කුකුළු මස් කිලෝවක් රුපියල් 1250ට විකිණීමට තීරණය කිරීම පාරිභෝගිකයන්ට කරන විශාල අසාධාරණයක් බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු පවසයි.

කුකුළු මස් කිලෝවක් රුපියල් 850කට විකිණීමට හැකියාවක් ඔවුන්ට තිබෙන බව ද ජනතාවට සහනයක් ලබාදිය යුතුව තිබියදීත් එම වගකීමෙන් බැහැරවීම සම්බන්ධයෙන් කුකුළු ගොවිපළ හිමියන් සමඟ තමා අද (04) සාකච්ඡා කරන බව ද හෙතෙම පැවසීය.

කුකුළු ගොවිපළ හිමියන් බිත්තර මිල ඉහළ නැංවූ අවස්ථාවේ ඉන්දියාවෙන් බිත්තර ගෙන ඒම නිසා එම මිල ගණන් ක්‍රමයෙන් පහළ ගිය බව ද හිතන හිතන ආකාරයට කුකුළු මස් මිල ඉහළ දැමීමට තමා ඉඩ නොදෙන බව ද ඇමැතිවරයා පැවසීය.

කුකුළු මස් පිටරටින් ගෙන ඒමට පියවර ගැනීමෙන් පසු එම මිල ඉබේම පහළ බසින බව ද වෙළෙඳ ඇමැතිවරයා කියයි. කුකුළු මස් කිලෝවක් රුපියල් 850 කට දිය හැකි බව වෙළෙඳ ඇමැතිවරයා මීට දින කිහිපයකට පෙර මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *