කල දුටු කළ වළ ඉස්ස බිත්තර මාෆියාව හාන්සියි..! රට බිත්තර මිලියන 06ක් වෙළඳපොළට..!

December 13, 2023 at 11:27 am | by emanisa.lk

ශීතාගාරවල ගබඩා කර ඇති ආනයනික බිත්තර මිලියන 6ක් අද (13) හා හෙට (14) වෙළෙඳපොළට නිකුත් කිරීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

එහි සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කළේ, සතොස හරහා එම බිත්තර මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව පවතින බවයි.

වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළ යාමත් සමග එය පාලනය කිරීම සඳහා විෂය භාර අමාත්‍යවරයාගේ උපදෙස් මත මේ පියවර ගෙන ඇත.

මේ වනවිට බිත්තර මිල රුපියල් 60 ට වැඩි අගයක් දක්වා ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයෝ මැසිවිලි නඟති

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *