1977 මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ සහය ජේ.ආර්. ජයවර්ධනට ලබා ගැනීමට මූලිකත්වය ගෙන කටයුතු කළේ රොනී ද මැල් මහතා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
එවක බලයේ සිටි සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව සිරගත කොට සිටි රෝහණ විජේවීර බන්ධනාගාරයට ගොස් හමු වී සාකච්ඡා කළේ රෝනී ද මැල් මහතා බවයි, ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
එක්සත් ජාතික ආණ්ඩුව බලයට පත්වූ පසු රෝහණ විජේවීර නිදහස් කිරීමේ පොරොන්දුව මත එදා ජවිපෙ සහය එජාපයට හිමි වූ අතර පොරොන්දු වූ ආකාරයට ම ජේ.ආර්. ජයවර්ධන මහතා මැතිවරණය ජයග්‍රහණය කොට රෝහණ විජේවීර මහතා නිදහස් කළ බව ද රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය රොනී ද මැල් මහතාගේ අවමංගල්‍ය සභාව අමතමිනි.