පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පසුගිය සමයේ එක්සත් ජාතික පක්ෂයට එකතු වීමට විශාල උත්සාහයක් දරමින් සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.
මේ වන විට එම උත්සාහය සාර්ථක වී එජාප මාධ්‍ය ප්‍රකාශක තනතුර ද පාඨලී චම්පිකට ලැබී ඇතැයි සිතෙන බවයි, ගම්මන්පිල ප්‍රකාශ කළේ.
ඉදිරි ජනාධිපිතිවරණයට රනිල් වික්‍රමසිංහ තරඟ කරන බව පාඨලී චම්පික විසින් නිවේදනය කිරීම මගින් එය තහවුරු වන බව ද හෙතෙම සඳහන් කරයි.
එම තනතුර ලබා ගැනීම පිළිබඳ පාඨලී චම්පික මහතාට සුබ පැතුම් පිරිනමන බව ද උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ, අද (27) මාධ්‍ය හමුවක් අමතමිනි.