මහා මැතිවරණය කැඳවා ජනාධිපවරණය කල් දමන සැලසුමක්…!

February 25, 2024 at 10:45 am | by emanisa.lk

පාර්ලිමේන්තුව ලබන ජුලි මස විසුරුවීමට බොහෝ ඉඩකඩ ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ව්‍යවස්ථානුකූලව සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 17ත් අතර අනිවාර්යයෙන් ම ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව සඳහන් වුවත් පාර්ලිමේන්තුව එසේ විසුරුවා හැරියහොත් මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට සිදුවන අතර ඒ තුළින් මැතිවරණ කොමිසම යම් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දෙන බව දැනගන්නට ඇත.

ඊට හේතුව මේ වසරේ මැතිවරණයක් පැවැත්වීම සඳහා රජය වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 10ක් පමණ වන අතර එය කළමනාකරණය කර ගනිමින් වියදම් කරන ලෙස කැබිනට් සාකච්ඡාවකදී ජනාධිපතිවරයා විසින් මීට පෙර දැනුම් දුන් බව ද මාධ්‍ය විසින් වාර්තා කරන ලදී.

කෙසේ නමුත් ජනාධිපතිවරණයට වඩා මහ මැතිවරණයට වැය වන මුදල් ප්‍රමාණය අධික බැවින් මැතිවරණ කොමිසම ඒ අනුව යම් මූල්‍ය අර්බුදයකට පත්වනු ඇතැයි පැවසේ.

විශේෂයෙන් ම පාර්ලිමේන්තුවේ 113ක් සැකසීමට යම්කිසි ආකාරයකට නොහැකි වුවහොත් පක්ෂ කිහිපයක් එක් කොට ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජාතික ආණ්ඩුවක් ස්ථාපනය කළ හැකි සේ ම ඔහු එම පියවරට යනු ඇතැයි ජනාධිපතිට සමීප මැති ඇමතිවරුන්ගේ අභිමතය වී ඇතැයි ද විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ නමුත් මෙවැනි තීන්දුවකදී ජනාධිපතිවරණයක් ඉල්ලා ජනතාවට පාරට බැසීමේ වුවමනාවක් නිර්මාණය නොවන බව ද අදාළ සාකච්ඡාවලදී මාතෘකාවට ලක්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *