මේ වන විට වික්ෂයේ සිටින පිරිස් කෑලි කෑලිවලට කැඩී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ඩිලාන් පෙරේරා මහතා පවසයි.
විසිරී ඇති සියලුම දෙනා එකට එකතු කර ගැනීමට ගත් උත්සාහය සාර්ථක වී නොමැති බව ද ඒ මහතා කියා සිටී.
නීතිඥ ඩිලාන් පෙරේරා කියා සිටින්නේ, එනිසා සමගි ජනබලවේගයට නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 07 දෙනෙකු දැනට සහාය ලබා දීමට තීරණය කර තිබෙන බවත්, තවත් කිහිප දෙනෙකු එම තීරණයට පැමිණීම සඳහා කාලය ඉල්ලා තිබෙන බවත්ය.
නිදහස ජනතා සභාව සජිත් ප්‍රේමදාස මහතා සමග එක්වූයේ 2022 වසරේදී බවත්, ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුව තුළින් ජනාධිපති ධුරයට පත් වූයේ නම් අගමැතිවරයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවත් හෙතෙම පවසා සිටියේය.
ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ධුරයට පත් වූවා නම් සජිත් ප්‍රේමදාස මහතා පුමුඛ කණ්ඩායම් සමග ආණ්ඩු කිරීමට තීරණය කර තිබූ බවයි.