ලංකාවට ඊශ්‍රායෙල් කෘෂි රැකියා 10 000ක්…! ශ්‍රමිකයින් යවන්න පෞද්ගලික අංශයටත් අවස්ථාව…!

February 20, 2024 at 9:34 am | by emanisa.lk

ඊශ්‍රායලයේ කෘෂිකර්ම අංශයේ රැකියා සඳහා ලාංකිකයන් යොමු කිරීමේ අවස්ථාව පෞද්ගලික අංශයටද ලබාදීමට රජය තීරණය කර තිබේ.

මෙතෙක් කලක් ඊශ්‍රායලයේ කෘෂිකර්ම අංශයේ රැකියා සඳහා ලාංකිකයන් යොමු කරනු ලැබුවේ විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගිනි.

ඊශ්‍රායලයේ කෘෂිකර්ම අංශයේ රැකියා අවස්ථා ලබාදීමට පෞද්ගලික විදේශ රැකියා නියෝජිතායතනවලට අවසර දෙමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ඉකුත් සතියේදී චක්‍රලේඛයක්ද නිකුත් කර තිබේ. එම චක්‍රලේඛයට අනුව මෙරට කාන්තාවන්ටද ඊශ්‍රායලයේ කෘෂිකර්ම අංශයේ රැකියා සඳහා යොමුවීමට අවස්ථාව ලැබී තිබේ.

හමාස් ගරිල්ලන්ගේ ප්‍රහාර හේතුවෙන් විනාශ වූ සිය රට ගොඩනැගීමේ පියවරක් වශයෙන් එරට කෘෂිකර්මාන්තය ගොඩනැංවීමට ඊශ්‍රායල් රජය කටයුතු යොදා තිබේ.

ඒ අනුව ඊශ්‍රායල් රජය විසින් කෘෂිකර්මාන්ත අංශයේ රැකියා 10,000ක් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන අතර, එම රැකියා සඳහා මෙතෙක් අවස්ථාව හිමිවුණේ රාජ්‍ය අංශය හරහා පමණි. මේ වනවිට එය පෞද්ගලික අංශයටද විවර වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *