ඊශ්‍රායල් පලස්තීන ගැටුමට ලාංකිකයින් මැදිවෙයි…!

October 9, 2023 at 9:10 am | by emanisa.lk

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දරුණු ගැටුම් හේතුවෙන් එක් ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා තවත් ශ්‍රී ලාංකිකයකු අතුරුදන් වී ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයා එරට සංචාරක හෝටලයක සේවය කළ අයකු බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන් 8000 ක් පමණ සිටියත් දකුණු කලාපයේ සිටින්නේ සුළු පිරිසක් බවත් වාර්තා වෙයි.

අතුරුදන් වූ ශ්‍රී ලාංකිකයා පිළිබඳ තොරතුරු සොයාගත නොහැකි වුවහොත් ඔහුගේ තොරතුරු රතු කුරුස සංවිධානයට ලබා දෙන බව ද ශ්‍රී ලංකා තානාපති කාර්යාල පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *