තොපි වහා ම රටින් පිටවනු…! – ඊශ්‍රායල් කතුන්ට තර්ජනය කළ පුද්ගලයා අත්අඩංගුවට…

October 13, 2023 at 4:40 pm | by emanisa.lk

වහාම රටින් පිටව යන ලෙස පොතුවිල් ආරුගම්බේ සංචාරක කලාපයේ දී ඊශ්‍රායෙල් කතුන් දෙදෙනෙකුට තර්ජනය කළ විශ්‍රාමික අතිරේඛ අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු පොලිසිය මගින් (10) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර 63. හැවිරිදි අතිරේඛ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පොතුවිල් රෝහලේ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර ඇති අතර අදාළ පුද්ගලයා බීමතින් සිටින බවට වාර්තාවක් නිකුත් කර තිබේ.

අදාළ කාන්තාවන් දෙදෙනා සිදුකළ පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *