ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය හදිසියේ සිදුකළ එකක් නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීනි ආචාර්ය හරිනි අමරසුරිය පවසයි.
ඇය පැවසුවේ ඉන්දීය රජය විසින් සිදු කළ නිල ආරාධනාවක් අනුව එම සංචාරය කල් තියා සැලසුම් කොට සිදුකළ එකක් බවයි.
සිය පක්ෂය හෝ නායකයා ඉන්දියානු විරෝධී ආකල්පයක් දරන බවට සිදු කරන ප්රකාශ ද හරිනි අමරසූරිය ප්රතික්ෂේප කළාය.
“අපි ඉන්දීය විරෝධී වුනේ නැහැ කොයි අවස්ථාවකවත්. අපේ රටට හානිදායක තීන්දු තීරණ ගත්තම අපි ඒවාට විරුද්ධ වුණා. අපි රටකට විරුද්ධ වෙන්නේ නැහැනේ. ඒක විහිළු සහගත දෙයක් නේ. කුමන සම්බන්ධතාවයක් වුණත් ඒක රටට හානිදායක දෙයක් නම් ඒකට අපි විරුද්ධ වුණා.”
බීබීසී