උපාධියක් තිබුණ ද මේසන් බාස් කෙනෙකු ළඟ රැකියාවට ගියහොත් මුලින් ම සිදුවන්නේ බදාම ඇනීම බදාම ඇදීම වැනි කටයුතු කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසයි.
“අපේ රටේ රැකියාවක් ලබා ගන්න තියෙන සුදුසුකම විදිහට මොකක්ද අපි හිතන්නේ, ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සමත් වුණාම මගේ දරුවා හොඳ දරුවෙක් කියලා හිතනවා, උසස් පෙළ සමත් වුණාම රැකියාවක් ලබා ගන්න සුදුසුකමක් කියලා හිතනවා, ලක්ෂ 03 ක් තුන හමාරක් පළවැනි වසරෙන් ඇතුළත් වුණාම, විසිපන්දහසක්, තිස් දහසක් විශ්ව විද්‍යාලයට ගිහින් උපාධියක් ගත්තම හිතනවා මම රැකියාවට සුදුසුකමක් ලබා ගත්තා කියලා.
උපාධිය කියන්නේ රැකියාවට සුදුසුකමක් නෙමෙයි කියලා මම මීට අවුරුදු ගානකට කලින්, මේක කිව්වම මට අං තට්ටුවක් දාලා ෆේස් බුක් එකේ දැම්මා. හැබැයි අපි දැන් තේරුම් ගන්න ඕන, උපාධිධාරියෙක් වුණත් මේසන් බාස් කෙනෙක් ගාව රස්සාවට ගියොත් උපාධියට ද සලකන්නේ, තමන්ගේ හැකියාවටද සලකන්නේ, උපාධිය තිබ්බත්, ඉස්සරලාම දෙන්නේ වැලි අදින්න, සිමෙන්ති අදින්න, බදාම අනන්න, මේ කාරණාව අපි තේරුම් ගන්න ඕන.
උපාධිය කියන්නේ අධ්‍යාපන සුදුසුකමක්, සමහර උපාධි තියෙනවා රැකියාවට සුදුසු, වෛද්‍ය, ඉංජිනේරු ඇතුළු, හැබැයි මේ ටික ඇරෙන්න බොහෝ උපාධීන් රැකියාවට සුදුසුකමක් නැති උපාධි. ඒ නිසා අපි රැකියාගත වෙන්න පුහුණුවක් අපේ දරුවන්ට ලබා දිය යුතු වෙනවා.”
දුමින්ද දිසානායක