ගිලන් වූ රට ගොඩගත හැකි හුරුබුහුටි නායකයා පාඨලී…! – ශීරාල් ලක්තිලක…

February 4, 2024 at 12:40 pm | by emanisa.lk

හොර දොස්තරවරු නිසා ගිලන් වූ රට ගොඩ ගත හැකි එකම නායකයා පාඨලී චම්පික රණවක මහතා බව නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.

ශිරාල් ලක්තිලක අවධාරණය කළේ, පාඨලී චම්පික තෙල් බෙහෙත්කාරයෙකු නොවන බවත් ගිලන් වූ රට ගොඩගැනීමේ හැකියාව පාඨලී චම්පික රණවක මහතා සතුව පවතින බවත්ය.

මේ රට කරවිය හැකි හොඳ කළමනාකරුවෙකු ලෙස පාඨලී චම්පික රණවක මහතා හඳුන්වා දිය හැකි බවත් ඒ අනුව, මේ වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට සැවොම එක්ව ඒ මහතා ඉදිරිපත් කළ යුතු බවත් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

“මේ රටට අවශ්‍ය වෙලා තියෙනවා හුරුබුහුටි නායකයෙක්, හුරුබුහුටි නායකයෙක් කියන්නේ එක වැඩකට එක දක්ෂ ක්‍රියාවක් පෙන්වීම පමණක් නෙවෙයි, විශාල පරාසයක ඒ දක්ෂකම පෙන්නන එක.

අපි හිතනවා පාඨලී චම්පික රණවකට අන්න ඒ හැකියාව තියෙනවයි කියන එක, ඒ නිසා අපි හිතනවා ඔහු තෙල් බෙහෙත්කාරයෙක් නෙවෙයි කියලා, අපි කියන්නේ ගිලන් වෙච්ච රට ගොඩගන්න පුළුවන් නායකයා පාඨලී චම්පික රණවක මහතා කියලයි.”

එක්සත් ජනරජ පෙරමුණ අද (03) කඩුවෙල දී කැඳවා තිබූ ජන හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *