පසුගිය සඳුදා රාත්රියේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගේ පුත්රයා වන ජනපති ජනාධිපති නීතිඥ ඉරාජ් ද සිල්වාගේ සාදයක් පවත්වා තිබිණි. ඒ් සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ, හිටපු ජනාධිපති චන්ද්රිකා කුමාරණතුංග, ඇමැති හරීන් ප්රනාන්දු, ඇමැති ටිරාන් අලස්, රුවන් විජයවර්ධන, සාගල රත්නායක මෙන්ම විපක්ෂයෙන් හර්ෂ ද සිල්වා හා සුජීව සේනසිංහ ද එම සාදයට පැමිණ සිටියහ.
එහි දී නීතිඥ දිනේෂ් විදානපතිරණ හා සාගල රත්නායක ජනපතිවරයා අසල හිඳිමින් ඉදිරි තව මාස හයෙන් මාලිමාවත් අපේ පැත්තේ..! – ජනපති රනිල් මාලිමාවේ ප්රබල නීතීඥයාට කියයි…
ජනාධිපතිවරණය ගැන කතා කරන්නට වූහ. ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව නීතිඥවරුන්ට ජනපති නොකියා කීවේ මෙහිදීය. ඊට සාගල ද සහායක් දුන්නේය.
“සර් පක්ෂයක අපේක්ෂකයෙක් විදියට නොවෙයි, පොදු අපේක්ෂකයෙක් විදියට එන්න.” නීතිඥ දිනේෂ් කියද්දී ජනපති හිස සලමින් එය අනුමත කළේය. මේ අතර ජනපති අසලට පැමිණියේ ජවිපෙ මෙන්ම ජාජබයේද ප්රධාන නීතිඥයෙකු වන සුනිල් වටගලය.
“ජනාධිපතිවරණය ඉක්මනින් තියන්න. මොකක්ද ඉස්සෙල්ලාම එන මැතිවරණය” සුනිල් වටගල විමසද්දී ජනපති කීවේ “ඔව් ඔව් නියමිත කාලයේදී ජනාධිපතිවරණය තියෙනවා. මම ඒක අනුරට කියලා තියෙන්නේ. එයා ඔයාට කියලා නෑ.” කියාය.
“අපේ අපේක්ෂකයා අපි දිනවනවා. එයා තමයි ජනාධිපති වෙන්නේ.” සුනිල් වටගල කී විට මද වේලාවක් ඔහු දෙස බලා හුන් ජනපති “තව මාස 6කින් ඔයාලත් අපේ පැත්තේ.” කියමින් සිනාසෙද්දී රැස්ව සිටි නීතිඥයන්ට ද සිනහව නතර කරගත නොහැකි විය.