ජනතාව නොමරා මරණ දුර්දාන්ත ආණ්ඩුට පාඩමක් උගන්වනවා..! – සජිත්…

January 30, 2024 at 7:37 pm | by emanisa.lk

රනිල් – රාජපක්‍ෂ දුර්දාන්ත ආණ්ඩුවට ඡන්දයෙන් පාඩමක් උගන්වන බවත් මැතිවරණයක් පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ආණ්ඩුවට විරෝධය දක්වමින් සමඟ ජන බලවේගය කොළඹදී අද (30) පැවැත්වූ විරෝධතාවට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව පාක්‍ෂිකයන් අමතමින් සජිත් ප්‍රේමදාස එසේ පැවසීය.

රාජ්‍ය ත්‍රස්තවාදයෙන් සහ රාජ්‍ය භිෂණයෙන් ජනතාව තලා පෙළා තිබෙන වර්තමාන ආණ්ඩුව මූනිස්සන්වලින්, කඩුවෙන් හෝ බෝම්බයෙන් නොව ජන බලයෙන් සහ ජන ශක්තියෙන් මැතිවරණයක දී ගෙදර යවන බව කී සජිත් ප්‍රේමදාස, 2022 වසරේ රට විනාශ කළ ගෝඨාභය රාජපක්‍ෂ ඉවත්කර ප්‍රජාත්‍රවාදයේ මහා විප්ලවාදියා යැයි කියාගන්නා රනිල් ඇතුළු ආණ්ඩුවට වැඩි කලක් පාලනයේ සිටීමට අවස්ථාව නොදෙන බව ද සඳහන් කළේය.

වර්තමාන ආණ්ඩුව රටේ ජනතාව නොමරා මරා ජනතාවට කළ හැකි අමානුෂිම පීඩනයට ඇඳ දමා ඇති බවත් ලක්‍ෂ 220 ක් ජනතාව හාමතේ සහ කුසගින්නේ තබන තුච්ච ආණ්ඩුවක් බවත් විපක්ෂ නායකවරයා කීය.

සමඟි ජනබලවේගය රාජපක්‍ෂලා සමඟ ඩීල් දමා නොමැති බවත් වේදිකාවේ මහ දවල් විවේචනය කර රාත්‍රී කාලයේ ඩීල් දාන දෙබිඩි කණ්ඩායමක් නොවන බවත් ද ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *