චන්ද්‍රිකාගේ නායකත්වයෙන් නව සන්ධානයක්…!

January 30, 2024 at 9:51 am | by emanisa.lk

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නායකත්වයෙන් නව සංවිධානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඊයේ (29) සාකච්ඡා කළ බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවට මෙම නව සන්ධානය පිහිටුවීමට නියමිත බව අමාත්‍යවරයා කීය.

එම නව සන්ධානයේ ලකුණ ලෙස බුලත් කොළය වෙනුවට පුටුව යොදා ගැනීමට අදහස් කරන බව ද අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මෙම සාකච්ඡාව සිදුකෙරුණු බවද අමරවීර මහතා වැඩිදුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *